Posted by: lrrp | June 9, 2013

සූරියවැවෙන් බිහිවුණු ලොව ‘විශිෂ්ටතම නැණසල’

සූරියවැව නැණසලේ කළමනාකාර දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය ස්පාඤ්ඤයේ ටෙලි සෙන්ටර් පදනමේ කළමනාකාර අධ්‍යක්ෂ මිගෙල් මහතා අතින් සූරියවැව නැණසලට හිමි විශිෂ්ට සම්මානය ලබාගත් අවස්ථාව.

අපි සූරියවැව නැණසල පටන්ගන්න විට මේ පැත්තෙ කිසිම ගෙදරක පරිගණකයක් තිබුණේ නැහැ. ඉස්කෝලෙ යන ළමයින්ටවත් පරිගණක පුහුණුවක් දෙන්න ගෙන්න ගත්තේ ගෙවල්වලට ගිහිල්ල කන් කෙඳීරි ගාලා අපි සූරියවැව කෙළවරේ තිබෙන අලි ඉන්න කොටි හිටිය ගම්මානවල ජනතාවට කොම්පියුටර් ඉගැන්වූයේ බට්ටා ලොරියේ පරිගණක අරන් ගිහිල්ලා සූර්ය බලයෙන්.”

අද අපිට සතුටුයි මේ පැත්තෙ දරුවන්ගෙන් සියයට 80 කට දැන් පරිගණක හසුරුවන්න පුළුවන්. වැඩිහිටි අයත් සියයට 50 ක් විතර ඒ දේ කරනවා. අවුරුදු 5 සිට අවුරුදු 60 – 70 දක්වා අය අපේ නැණසලෙන් යම් දෙයක් ලබා ගන්නවා. අඩු ගාණේ ඉන්ටර්නෙට් එකෙන් පත්තර ටිකවත් බලනවා.

සමහරදාට අවුරුදු 80 වැඩිමහලු අය පවා අපේ නැණසලට ඇවිත් කොම්පියුටර් උදව් කරගෙන මොනවා හරි ඉන්ටර්නෙට් මඟින් සොයා බලනවා. නැණසල පිහිටුවූ 2005 ට වඩා දැන් මේ පැත්තේ පරිගණක සාක්ෂරතාව 50 ගුණයකින් ඉහළ ගිහිල්ලා.”

මේ අදහස් සූරියවැව නැණසලේ කළමනාකාරිනි දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගෙන්. ඒ දිරිය යුවතිය පවසන මේ අදහස් මෙන්ම සූරියවැව නැණසලත් පිළිබඳව අපි මේ ඔබට කියන්නේ මෙරට පරිගණක හා තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රයේ රන් අකුරින් ලියැවුණු සම්මානයක් ඇයටත් සූරියවැව නැණසලටත් ලැබි ඇති බැවිනි.

සූරියවැව ‘නැණසල’ පසුගියදා ලොව විශිෂ්ටතම ග්‍රාමීය තොරතුරු තාක්ෂණික මධ්‍යස්ථානය ලෙස ස්පාඤ්ඤයේ දී කිරුළු පැලැන්දීය. ඒ ලෝකෙන්ම ග්‍රාමීය තොරතුරු හා පරිගණක සන්නිවේදන ක්ෂේත්‍රයේ පළවැනියා වශයෙනි.

මේ විශිෂ්ට සම්මානය අපට ලැබුණු මේ මොහොතේ අප මේ නැණසල වැඩ පිළිවෙළේ නිර්මාතෘවරයා ද මතක් කළ යුතුය. ඒ එසේ මෙසේ අයෙක් නොවේ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාය. එතුමාගේ සංකල්පයක් මත මේ ‘නැණසල’ ව්‍යාපෘතිය බිහිවූයේ 2005 දීය. මෙම වැඩ සටහන ජනාධිපති කාර්යාලය යටතේ මෙහෙයවන්නේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මඟිනි.

‘නැණසල’ මඟින් ප්‍රධාන ලෙස සිදුවන්නේ ග්‍රාමීය ජනතාවට අවශ්‍ය තොරතුරු තාක්ෂණ හා පරිගණක තාක්ෂණ ක්ෂේත්‍රයේ අවශ්‍යතා ඉටුකිරීමයි. පරිගණක පුහුණුව, අන්තර්ජාල පහසුකම්, ගොවි නිපැයුම් මිල, පරිගණකය මඟින් ලබාගත හැකි සියලු පහසුකම් නොමිලේ ලබාදීමට ‘නැණසල’ කටයුතු කරයි. අද ලෝකයේ ලොකුම ග්‍රාමීය තොරතුරු තාක්ෂණ කප් එක අපි ගසා ඇත. ඒ නැණසල නිසාය.

උතුරු නැඟෙනහිර පළාත ද ඇතුළුව නැණසල 700 ක් පමණ අපේ රටේ දැනට ක්‍රියාත්මකයි. ඒවායින් ගමේ අයට ලොකු ප්‍රයෝජනයක් ලැබෙනවා. ජනාධිපතිතුමාගේ සංකල්පය දර්ශනය වන්නේ ග්‍රාමීය ජනතාව හැම ආකාරයෙන්ම සවිබල ගැන්වීමයි.

ඒ දර්ශනය යථාර්ථයක් බවට පත්වීම තමයි මේ සූරියවැව නැණසලට මේ සම්මානය ලැබීම. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය පී. ඩබ්ලිව්. ඇපාසිංහ මහතා අප සමඟ පැවසුවේ සතුටු සිතිනි.

සූරියවැව නැණසලෙන් පුහුණුව ලබන ග්‍රාමීය සිසු සිසුහු
සූරියවැවේ නැණසලින් ආරම්භ කළ ‘ජංගම නැණසල’ ලොරියක් තුළ සකස් කර ගමේ ජනතාවට පරිගණක දැනුම දුන් අයුරු.

මේ අයුරින් ලොව පවතින ‘නැණසල’ වැනි ජනතා හිතකාමී ග්‍රාමීය ජනතාවට පාදක වූ ග්‍රාමීය තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානවලින් කරන ජනහිතකාමී ප්‍රතිඵලදායි පරිගණක තොරතුරු හා තොරතුරු සන්නිවේදන කටයුතු පිළිබඳව අගය මැනීමේ තරගාවලියක් පසුගිය දා අන්තර්ජාතික මට්ටමින් පැවැත්විණි.

ඒ ජගත් තොරතුරු තාක්ෂණ සංසදයේ වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය වෙනුවෙනි. එයට අපේ රටේ නැණසල කිහිපයක් මෙන්ම ලොව තවත් රටවල් 60 ක ආයතන හා තරගකරුවෝ 275 ක් පමණ ඉදිරිපත් විය.

මෙහේ අය දැන් පත්තර බලන්නෙත් ඉන්ටර්නෙට් එකෙන්

ඉන් හම්බන්තොට සූරියවැව නැණසල මඟින් කරනු ලබන ජනතා හිතකාමී ග්‍රාමීය තොරතුරු තාක්ෂණ හා තොරතුරු සන්නිවේදන කටයුතු වෙනුවෙන් ඒ නැණසලට ලොව විශිෂ්ටතම ග්‍රාමීය තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය ලෙස ලොව විශිෂ්ටතම සම්මානය දිනාගත හැකි විය. මෙය අපේ රටේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ස්වර්ණමය ජයග්‍රහණයකි.

එම සම්මානය සූරියවැව නැණසලේ කළමනාකාරිනි දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය පසුගියදා ස්පාඤ්ඤයේ ග්‍රැනඩා නුවර පැවැති ජගත් තොරතුරු තාක්ෂණ සංසදයේ වාර්ෂික සම්මාන උත්සවයේ දී ලබාගත්තාය. අපේ රටේ කාන්තාවක් ලෙස මෙම සම්මානය ලබාගැනීම ද එහිදී කැපී පෙනුණු සිදුවීමක් විය.

සම්මානය දිනු දීපිකා ප්‍රියදර්ශනී පවසන අයුරින් ඔවුන්ගේ නැණසල ග්‍රාමීය ජනතාවට නොමිලේ තොරතුරු තාක්ෂණ පුහුණුව හා තොරතුරු සන්නිවේදන කටයුතු සිදුකර දෙනු ලබයි.

“2005 මැයි 18 තමයි අපේ නැණසල ආරම්භ කළේ. එදා තමයි ලංකාවේ නැණසල සංකල්පය බිහිවුණේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි මේකේ නිර්මාතෘ තුමා.

ජනපතිගේ සංකල්පයට ලොව විශිෂ්ටතම ග්‍රාමීය තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන සම්මානය

මේ සම්මානය ගැන අපිට හරි සතුටුයි. මේ සම්මානය පිළිබඳව වැඩිම ගෞරවය අපේ ජනාධිපතිතුමාටයි හිමිවෙන්න ඕන. ඒ එක්කම අපිට එදා සිට අද දක්වා හැමදාම උදව් කරන ධ්ඛ්ඊඒ එකේ මහත්වරුන්ට. ප්‍රදේශයේ අයට අපිත් එක්ක කටයුතු කරන දූලා පුතාලාට සොයුරු සොයුරියන්ට හිමිවන්න ඕනැ” ඇය කීවාය.

අපි 2005 දී ගෙවල්වලට ගිහිල්ලා පාසල්වලට ගිහිල්ලා, දෙමවුපියෝ ගුරුවරු හම්බුවෙලා පරිගණක හා තොරතුරු තාක්ෂණයේ අගය හැමෝටම කියා දුන්නා. ඊට පස්සේ පරිගණක පාඨමාලා පටන් ගත්තා. ග්‍රාම නිලධාරී රජයේ නිලධාරීන්ට පුහුණුවක් දුන්නා.

තොරතුරු තාක්ෂණයේ අගය ගැන වෙළෙඳ පළවල අත් පත්‍රිකා බෙදා හැරුවා. ඊට පස්සේ වෙ?ඳෙ පළේ අයට දඹුල්ලේ ඇඹිලිපිටියේ එළවළු හා වෙනත් කෘෂි නිපැයුම්වල මිල ගණන් ලබා ගන්නා හැටි ගැන අවබෝධයක් දුන්නා. ඊට පස්සේ ජනතාවට නැණසල පිළිබඳව, පරිගණක තාක්ෂණය පිළිබඳව ලොකු අවබෝධයක් හා උනන්දුවක් ඇතිවෙන්න පටන් ගත්තා. අපි එක්ක ඒ අය එකතු වුණා.” දිපිකා ප්‍රියදර්ශනී මහත්මිය පවසන්නීය.

මුලින්ම පරිගණක ගත්ත අයගේ ගෙවල්වලට අපි ගියා. එහෙම ගිහින් ඒ අයගේ පිටරට ඉන්න අයට ‘ස්කයිෆ්’ වලින් වියදම් නැතිව කථා කරන හැටි කියලා දුන්නා. මුල් කාලේ 2006 මේ සූරියවැව පරිගණක සාක්ෂරතාව තිබුණේ සියයට 1 ක් විතර. අද මේ නැණසල නිසාම ඒ පරිගණක සාක්ෂරතාව සියයට 55 ගුණයකින් විතර ඉහළ නැංවෙලා. සිසු පරපුර අතර පරිගණක සාක්ෂරතාව සියයට 80 ක් වෙලා” ඇය පෙන්වා දෙයි.

“අලි කොටි හිටපු ගම් දහයකට බට්ටා ලොරියේ දාගෙන ‘ජංගම නැණසල’ අරන් ගියා” – කළමනාකාරිනි දීපිකා

සූරියවැව නැණසල තම පරිගණක කටයුතු කළේ ගම ඇතුළේ හෝ ආයතනය ඇතුළදී පමණක් නොවේ. ඔවුන් සූරියවැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ දුෂ්කර ගම්මාන 10 ක් වෙත ජංගම නැණසල බට්ටා පුංචි ලොරියක සවිකර අරන් ගියේය. ඒ ලොරියේ ලැප්ටොප් 4 ක් තිබුණා. අපි අලි ඉන්න කොටි ඉන්න ලයිට් නැති වතුර නැති ගම්වලට ගියා පරිගණක තාක්ෂණය අරන්.

ඒවාට ලයිට් නැහැ. කරන්ට් එක ගත්තේ සූර්ය බලයෙන් හා ලොරියේ බැටරිය සම්බන්ධ කරලා. ආපහු එනකොට දවසක් දා අලි අපේ ලොරිය පස්සෙන් එලෙව්වා. ඒත් දැන් අපිට සතුටුයි. ඒ දුෂ්කර ගම්වල වැසියන්ටත් දැන් පරිගණක හසුරුවන්න හොඳට පුළුවන්. ඒ අය දැන් පත්තර බලන්නේ ඉන්ටර්නෙට් එකෙන්. ජනාධිපතිතුමාගේ පරමාර්ථය අද ඉටුවෙලා තිබෙනවා.

අපේ නැණසල 2007 සිටම එඪජ්ඪ දීලා තිබුණා. අපේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් විසි එකේම ඉහළම පරිගණක සාක්ෂරතාවක් ඇති කිරීමට අපිට පුළුවන් වුණා මේ නැණසල නිසා. ඒක අපිට ලොකු සතුටක්.” ඇය පවසන්නීය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ඥ-දිරිය වැඩ සටහන යටතේ මේ කටයුතුවලට දිරිය ශක්තිය ලබා දී තිබේ.

ඒ අනුව දැනට මෙම නැණසල මඟින් පසුගිය වසර 8 ඇතුළත පුද්ගලයන් 50000 කට පමණ යම් පරිගණක තාක්ෂණ දැනුමක් ලබා දී ඇත. ශිෂ්‍ය ශිෂ්‍යාවන් 800 කට පූර්ණ පරිගණක දැනුම ලබා දී ඇත. වෙබ් හා ග්‍රැෆික් පාඨමාලා හදාරා සමත් වූ ගණන 200 කට අධිකය.

මේ අනුව අපේ ජනාධිපතිතුමාගේ ‘නැණසල’ ව්‍යාපෘතියේ සැබෑ ප්‍රයෝජනය ලබාගැනීමට අද ගිරුවාපත්තුවේ ග්‍රාමීය ජනතාවට ඉඩ ලැබී ඇත. ඒ අභිමානය මේ නව සම්මානයත් සමඟ අපේ රටේ පමණක් නොව මුළු ලෝකයේම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දැන් රැව් පිළිරැව් දෙමින් පවතී.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: