Posted by: lrrp | February 12, 2009

ලග්ගල ළමයි වෙබ් අඩවි 25 ක් හදති

මහින්ද චින්තනය යටතේ මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍යංශය කි‍්‍රයාවට නැංවූ පළාතේ සම්පත් එකලෙස බෙදී යන තුලිත සංවර්ධන සැලසුම අනුව මාතලේ ලග්ගල මහලකොටුවේ පිහිටවූ මෙරට දෙවැනි ඊ ගම්මානයේ සිසු දරු දැරියන් පරිගණක වෙබ් අඩවි 25 ක් පමණ සකස් කර අන්තර්ජාලයට එක් කර අන්තර් ජාතික ප‍්‍රසිද්ධියක් පවා ලබාගෙන ඇති බව මධ්‍යම පළාත් මහ ඇමැති අපේක්ෂක සරත් ඒකනායක මහතා ‘සිළුමිණ’ ට කීය.

තමා යටතේ ඇති මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ අධ්‍යාපන අංශය මගින් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහාය ඇතිව මෙරට දෙවැනි ඊ ගම්මානය හා ඊ පාසල මාතලේ සිට කිලෝමීටර් 45 ක පිහිටි මහලකොටුව සුමන මහා විද්‍යාලය ආශ‍්‍රිතව පිහිට වනු ලැබී ය.

ඒ අනුව ඒ දුෂ්කර පාසල් ළමයි ඉහළම ප‍්‍රතිලාභ ලබා ඇති බවත් මෙරට ප‍්‍රථම පාසල් යුනිකෝඩ් සිංහල වෙබ් අඩවිය මහලකොටුව ශ‍්‍රී සුමන විද්‍යාලයේ ළමයින් නිපදවා ඇති බවත් සරත් ඒකනායක මහතා ‘සිළුමිණ’ ට කීය.

මධ්‍යම පළාත් සභාව මේ පාසලට ලක්ෂ 400 ක් වියදම් කර ඇන්ටෙනා පරිගණක හා ලැප්ටොප් ලබාදී ඇත. ඒ අනුව අද ඒ ගමේ ළමයි හැමටම විද්‍යුත් තැපැල් ලිපිනයක් ඇති අතර දෙමව්පියන් තම කෘෂි නිපැයුම් මිල ද අන්තර්ජාලය මගින් බලාගනී.

මෙරට ප‍්‍රථම වරට පරිගණක විද්‍යාගාරය අවට මීටර් 100 ක ප‍්‍රදේශයක සිට ලැප්ටොප් පරිගණක කි‍්‍රයාකරවීමේ හැකියාව ඇති අලුත් ම තාක්ෂණය මේ පාසලේ සිසු සිසුවියන් කි‍්‍රයාවට නංවා ඇති බවත් ඇමැතිවරයා කීය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: