මුළුමහත් ලෝකයට තොරතුරු සන්නිවේදන චන්ද්‍රිකා සංකල්පය ප්‍රථම වරට පසක් කරදුන්නේ මොරටු සරසවියේ හිටපු උපකුලපති මෙරට සම්මාන පුරවැසි ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් විද්වතාණන් ය.
ගුවන් යානය මොරටු සරසවි බිමෙන් මිදී ගුවනේ සැරිසැරූ ආකාරය |
මීට වසර කිහිපයකට පෙර එතුමන් දැයෙන් සමුගත්ත ද ලොව අජටාකාශ විද්‍යා සන්නිවේදනයේ පුරෝගාමීන් රැසක් එතුමන්ගේ මග පෙන්වීම යටතේ මොරටු සරසවි බිමෙන් ලොවට දායාද කළේ ය.
එතුමාගේ අවසන් සිහිනයක් වූ අප රටින් චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමේ උත්සාහය ද මෑතකදී ගුවන් ගත කළ ‘ස්ප්‍රීම් සැට්’ චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් සැබෑ වී ඇත.
එලෙසම ඔහු සාදා දුන් ගමන් මඟ ඔස්සේ ඉදිරියට ගමන් කළ මොරටු සරසවියේ ම විද්‍යුත් හා ඉලෙක්ටේරානික අංශයේ ගෝල බාල සිසු පිරිසක් විද්වත් ආචාර්යවරුන්ගේ මඟ පෙන්වීම යටතේ ලොව ප්‍රථම වතාවට ගගන තාක්ෂණයේ නව පෙරළිකාර හැඳින්වීමක් එක් කිරීමට නොබෝදා සමත් විය. ඒ ලොව ප්‍රථම වරට නියමු රහිත ස්වයංක්‍රීය ගුවන් යානයක් මෙරටින් නිපදවීමයි.
ඒ පිළිබඳ ආශ්චර්යමත් කතාවට මඟ පාදා ගන්නට මේ සති අන්තයේ මා මට හුරු පුරුදු මොරටු සරසවි බිමට පා තැබුවේ අති මහත් උද්දාමයෙනි.
අජටාකාශ තාක්ෂණය කරා විද්‍යාව දියුණු වී පවතින වර්තමානයේ නියමුවන් රහිත ගුවන් යානා (U.A.V) තාක්ෂණය තාක්ෂණික ලෝකය ආක්‍රමණය කරමින් පවතී. මෙවැනි කාල වකවානුවක ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සිසුන් පිරිසක් ලොව ප්‍රථම වතාවට නියමුවන් රහිත ස්වයංක්‍රීය නියමු පද්ධති Auto Pilot ගුවන් යානයක් නිපදවමින් විශිෂ්ට දස්කමක් දක්වා තිබේ.
ඒ මොරටුව විශ්ව විද්‍යාලයේ විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු අංශයේ අවසන් වසරේ අනුරුද්ධ තෙන්නකෝන් ප්‍රමුඛ සිසුන් සිවු දෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසිනි.
ඒ මොරටු සරසවියේ විදුලි සංදේශ හා විද්‍යුත් ඉංජිනේරු අංශයේ ව්‍යාපෘති අධීක්ෂක මහාචාර්ය රොහාන් මුණසිංහ මහතාගේ මඟ පෙන්වීම යටතේ ය. 2012 වසරේ (අවසන් වසර) ව්‍යාපෘතියක් ලෙස නිර්මාණය කර ඇති මෙම ව්‍යාපෘති කණ්ඩායමට ආබ්ද් රුෂ්දි, අනුරුද්ධ තෙන්නකෝන්, අශෝක් අරවින්ද, ගොමේෂ් වත්සල් යන ඉංජිනේරු සිසුහු ඇතුළත් වෙති.
ගුවන් යානයේ බාහිර නියමුවා ලෙස කටයුතු කරන්නේ ආර්.සී. ෆ්ලයින් එරීනා සාමාජික පසිඳු මධුසංඛ ය.
මෙලෙස ලොව ප්‍රථම වරට මෙරටින් හඳුන්වා දෙන ස්වයංක්‍රීය නියමු පද්ධතිය (ඔටෝ – පයිලට්) U.A.V යු.ඒ.වී තාක්ෂණය නැතුවම බැරි අංගයක් ලෙස හැඳීන්වේ.
මොරටු සරසවි ඉංජිනේරු සිසුන් තැනූ G. 22 ඔටෝ පයිලට් ගුවන් යානය |
මෙවැනි ඔටෝ ෆයිලට් නියමු පද්ධතිය ලොව අනෙක් කිසිම නියමුවන් රහිත ගුවන් යානයන්වල නැත. මෙම නව ගුවන් යානය මුලින් ම පොළොවේ සිටින නියමුවාගේ දුරස්ථ පාලනය මගින් ඉහළට යවා පසුව ගුවනේදී දුරස්ථ පාලන පද්ධතියෙන් මිදුණු විට යානයේ ඇති ස්වයංක්‍රීය නියමු පද්ධතිය යානයේ මෙහෙයවීම සිදු කරයි.
යානයට තමා කළ යුතු චාරිකාව හෝ පරීක්ෂණය පිළිබඳ උපදෙස් යානයේ තාක්ෂණික මතක ගබඩාවේ තැන්පත් කර තිබේ.
මෙලෙස ස්වයංක්‍රීයව නියමු පද්ධතිය මගින් ගුවන්ගත කරන කාලය තුළ දුරස්ථ පාලනයෙහි මිදීමෙන් පසුව ගොඩබිමින් දෙන විධානයන්ට අනුකූලව තම දිශානතිය ඔස්සේ ඕනෑම කලාපයට කඳු හෙල් ගොඩනැඟිලි අභිභවා ගමන් කිරීමටත් මෙයට හැකියාව තිබේ. මෙය ලෝකයේ අනිකුත් මෙවැනි යානා හා සසඳන කළ ඇති විශේෂත්වයයි. යළි අවශ්‍ය නම් දුරස්ථ පාලනය ලවා පාලනය කරවමින් ගොඩබිමට ගෙන්වා ගත හැකිවනු ඇත.
මෙකී යූ.ඒ.වී. තාක්ෂණ ක්‍රමයේ භාවිතයන් අතර නාගරික ප්‍රදේශවල වාහන තදබදය නිරීක්ෂණය, හදිසි ආපදා අවස්ථා (සුනාමි වැනි), අදාළ ප්‍රදේශයේ තොරතුරු ලබාගැනීම, කැලෑබද හා මුහුදුබඩ ප්‍රදේශවල සිදුවන ජාවාරම්, කැලෑ එළිපෙහෙළි කිරීම්, පාරිසරික විනාශ, ලැව් ගිනි ආදිය පිළිබඳව ඉතා පහතින් පියාසර කර, ඉතා අඩු කෙටි කාලසීමාවේදී වැඩි ඉඩ ප්‍රමාණයක් ආවරණය වන පරිදි තොරතුරු ලබාගැනීම වගේ ම යුදමය වශයෙන් සතුරන්ගේ තොරතුරු ගුවනේ සිට පැහැදිලිව නිරවුල්ව ලබාගැනීමේ හැකියාව සඳහන් කළ හැකි ය.
මෙකී නියමුවන් රහිත යානය, දුරස්ථ පාලනය, හසුරුවන බාහිර නියමුවාගේ පියවි දෑසට පෙනෙන දෘශ්‍ය සීමාවෙන් ඔබ්බට යවන්නේ නම්, ගුවන් යානය දෙස බලා එය හැසිරවීමේ හැකියාවක් නොමැති හෙයින්, යානය නිරුපද්‍රිත ස්වයංක්‍රීයව ගමන් කරවීමට, ඔටෝ – පයිලට් පද්ධතිය අවශ්‍යවේ.
ව්‍යාපෘතියේ කණ්ඩායම් නායක අනුරුද්ධ තෙන්නකෝන්, ආබ්ද් රුෂ්දි, අශෝක් අරවින්ද්, ගොමේෂ් වත්සල්. |
නවීන ලෝකයේ ඉතාමත් දියුණු යු.ඒ.වී.(U.A.V) ක්‍රමය පැවතියත්, ලංකාවට තවමත් එවන් තාක්ෂණයක් නොමැතිවාක් මෙන් ම එය තාක්ෂණයක් ලෙස මිලදී ගැනීමේ හැකියාවක් නොමැති බව මහාචාර්ය රොහාන් මුණසිංහ මහතා පවසයි.
යූ.ඒ.වී. ක්‍රමය මිලදී ගැනීම සඳහා බිලියන ගණන් වැයවන නමුත් එවැනි යානයක් අප රටේ නිෂ්පාදනය කරන්නේ නම් වැයවනුයේ ඉතා අඩු මුදලකි. තවද අපේ රටේ යූ.ඒ.වී. නිෂ්පාදනය කළ හැකි නම් එය ජාත්‍යන්තර වෙළෙඳ පොලේ ඉහළ ලාබ ලබන භාණ්ඩයක් වනු නිසැක ය.
එය අපගේ දියුණු වෙමින් පවත්නා සංවර්ධන කරා පිය ඔසවන ශ්‍රී ලංකාව ශීඝ්‍ර සංවර්ධනය කරා ගෙන යාමට නම් සේවා මත පදනම් ව ඇති අපගේ ආර්ථිකය මෙවැනි තාක්ෂණික නිර්මාණ මත ගොඩනැගිය යුතු වන්නේ ය.
මෙම නවතම යානයේ බර කිලෝ එකකි. (1 Kg) පියාසර කාලය විනාඩි 12 කි. වේගය ගුවන් සැතපුම් 50 Km/h පියාසර කළ හැකි උස මීටර් 200 කි. නිර්මාණය කිරීමට යොදාගෙන ඇත්තේ අපේ අමුද්‍රව්‍ය වන අතර විද්‍යුත් උපකරණ කිහිපයක් විදේශයන්ගෙන් ලබාගෙන ඇත.
මේ ගුවන් යානා ව්‍යාපෘතියේ අරමුණ කලින් ලබාදෙන ජී.පී.එස්. ඛණ්ඩාංක හරහා සම්පූර්ණයෙන් ම ස්වයංක්‍රීයව ගමන් කළ හැකි කුඩා ගුවන් යානයක් නිපදවීම ය. එම අරමුණ සාර්ථක කරමින් (Blue Baby) බ්ලූ බේබි ආකාරයට නිපදවන ලද යානය කලින් ලබාදෙනු ලැබූ පථයක, සාර්ථකව බාහිර නියමුවාගේ දෘශ්‍ය සීමාවෙන් ඔබ්බට යැවිය හැකි විය.
තවද යානාවේ මෙහෙයුම් පාලක මෘදුකාංගයන් ද නිර්මාණය කර ඇති අතර එමගින් යානයේ සියලු තොරතුරු එසැනින් බාහිර නියමුවාට බලාගත හැක. යානයේ කලු පෙට්ටිය (Black Box) ලෙස දත්ත ගබඩාව (Memory Chip) ක්‍රියාකරන අතර එහි යානයේ සියලු තොරතුරු හා එයට ලබාදුන් සියලු විධාන පටිගත වනු ඇත.
මොරටු සරසවි සිසුන් මෙම ව්‍යාපෘතිය නිර්මාණය කිරීමේ මූලික අවධානය යොමු කරන ලද්දේ යූ.ඒ.පී. ඒකක හරය වන ඔටෝ පයිලට් පද්ධතියන් සැකසීම පිනිසයි. එය සාම්ප්‍රදායික දුරස්ථ පාලක ගුවන් යානා නිර්මාණයෙන් ඔබ්බට ගිය ඉහළ කර්තව්‍යයකි. මන්ද යත් ගුවන් යානා ආකෘති පහසුවෙන් මිලදී ගැනීමට ඇති අතර එය නිර්මාණය කිරීම ද අති බැරෑරුම් කටයුත්තක් නොවන්නක් නිසාමය. මෙම ව්‍යාපෘතියේ හරය ලෙස ඔවුන් සලකා ඇත්තේ මෙහි ඉතාමත් සංකීර්ණම කොටස සහ බුද්ධියට අභියෝගයන් වන ඒභබධ ර්‍ථඪතධබ පද්ධතිය නිර්මාණය කිරීමයි.
රුපියල් 50,000 ක පමණ ප්‍රාග්ධනයක් සොයා ගැනීම තමන් විසින්ම කළ යුතු විය. මෙම පර්යේෂණවලට කිසිදු මූල්‍යාධාරයක් ඔවුන් වෙත රජයෙන් නොලැබේ. එය ඉදිරි කාලයේ දී ලබාදීමට බලධාරීන් කටයුතු කරන්නේ නම් ;සතකි.
මෙය උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතාගේ පැසැසුමට ද බඳුන් වී තිබේ.
ව්‍යාපෘති අධීක්ෂක මහාචාර්ය රොහාන් මුණසිංහ |
එලෙස ම මෙම නියමුවන් රහිත ගුවන් යානය සම්මත ගුවන් ගමන් පාලක නීති රීති වලට අනුකූලව දැනට පවතින විශ්ව විද්‍යාල ගුවන් කලාපයෙන් පිටතට යැවීමට බලධාරීන්ගේ අවසරය ලැබිය යුතු ය. මේ වනවිටත් ආරක්ෂක හා ගුවන් හමුදා බලධාරීන්ගේ අවසරය ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතී.
එමෙන් ම එහි දෙවැනි ව්‍යාපෘතිය 2013 පසු පෙළ නව වසරේ ඉංජිනේරු සිසු කණ්ඩායම විසින් ඇරඹීමට කටයුතු කර ඇති අතර දැන් එය විදුලි පරිපථ බැටරියකින් නොව මෝටරයක් යොදා ගමන් කරවීමට පරීක්ෂණ සිදු කරමින් පවතී.
ගුවන් යානය නිර්මාණය කිරීමට අත ගැසූ ඉංජිනේරු සිසු අනුරුද්ධ දෙහිවල ඉපිද දෙහිවල එස්. ද එස්. ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලබා 5 වසර ශිෂ්‍යත්වය සමත්වී කොළඹ ඩී.ඇස්. සේනානායක විද්‍යාලයට ප්‍රවිෂ්ට වූවෙකි.
ඔහු උසස් පෙළ සමත්ව මොරටු සරසවියට වරම් ලැබූවෙකි. එම කණ්ඩායමේ ආබ්ද් රුෂ්දි බදුල්ල මැදි මහා විදුහලෙන් සරසවියට පැමිණි සිසුවෙකි. අනෙක් ඉංජිනේරු සිසුන් දෙදෙනා වන අශෝක් හා ගොමේෂ් ගම්පහ බණ්ඩාරනායක මහා විදුහලේ ආදි සිසුහු ය.
මෙය පසුගිය යුද සමයේ නිර්මාණය වී තිබුණා නම් අපට විදෙස් රටවලින් එම තොරතුරු දැනගැනීමට තවත් නියමුවන් රහිත ගුවන් යානා ගෙන්වා ගැනීමට අවශ්‍ය නොවනු ඇති. අනාගතයේදී ආරක්ෂක අමාත්‍යාංශය, තාක්ෂණ විද්‍යා කටයුතු අමාත්‍යාංශය හා ගුවන් හමුදාව මැදිහත්වීමෙන් මෙවැනි ඔටෝ පයිලට් පද්ධතිය උපයෝගි කර ගනිමින් අංගසම්පූර්ණ යූ.ඒ.වී. පද්ධති මෙරටින් බිහිවන්නේ නම් රටට ඉතා වැඩදායි විපුල ඵල දෙන ක්‍රියාවක් වන අතර එය සංවර්ධනයට ද මහත් පිටුවහලකි.
යානය දුරස්ථ පාලනයෙන් ගුවන් ගත කිරීම හා ගොඩබෑම මෙන් ම යානය නිර්මාණයට ඉතා වැදගත් උපදෙස් ලබාදුන් ආර්.සී. ප්ලයින් එරීන් සමාජයට හා එම සාමාජිකයන්ටත් පසිදු මධුසංඛටත්, සරසවියේ උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන හා ආචාර්ය මණ්ඩලයටත් සියලු ජනමාධ්‍යයන්ටත් මොරටු විශ්ව විද්‍යාලයේ 2012 ව්‍යාපෘති කණ්ඩායම ප්‍රණාමය පුද කර සිටී.
අද දින ජූනි 09 මොරටු සරසවි විදුහල් ගුවන් පථයේදී මෙම නියමු රහිත ගුවන් යානයේ පරීක්ෂණ චාරිකාවන් කිරීමට නියමිත බව ද ව්‍යාපෘති නියමුවා වන අනුරුද්ධ තෙන්නකෝන් සිසුවා පැවසීය.
ගුවන් යානය මොරටු සරසවි බිමෙන් මිදී ගුවනේ සැරිසැරූ ආකාරය
මොරටු සරසවි ඉංජිනේරු සිසුන් තැනූ G. 22 ඔටෝ පයිලට් ගුවන් යානය
ව්‍යාපෘතියේ කණ්ඩායම් නායක අනුරුද්ධ තෙන්නකෝන්, ආබ්ද් රුෂ්දි, අශෝක් අරවින්ද්, ගොමේෂ් වත්සල්.
ව්‍යාපෘති අධීක්ෂක මහාචාර්ය රොහාන් මුණසිංහ
සූරියවැව නැණසලේ කළමනාකාර දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය ස්පාඤ්ඤයේ ටෙලි සෙන්ටර් පදනමේ කළමනාකාර අධ්‍යක්ෂ මිගෙල් මහතා අතින් සූරියවැව නැණසලට හිමි විශිෂ්ට සම්මානය ලබාගත් අවස්ථාව.
සූරියවැව නැණසලෙන් පුහුණුව ලබන ග්‍රාමීය සිසු සිසුහු
සූරියවැවේ නැණසලින් ආරම්භ කළ ‘ජංගම නැණසල’ ලොරියක් තුළ සකස් කර ගමේ ජනතාවට පරිගණක දැනුම දුන් අයුරු.






